Home » රාජාංගනේ හිමියන්ට ගෝතමාලාවෙන් රුපියල් කෝටි 8 ක්

රාජාංගනේ හිමියන්ට ගෝතමාලාවෙන් රුපියල් කෝටි 8 ක්

by Nirodha Gamage

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රාජාංගනේ සද්ධාරතන හිමියන්ගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූයේ ගෝතමාලාවේ බැංකු ගිණුමකින් රුපියල් කෝටි 8ක මුදලක් ලබාගෙන ඇති බවයි.

ගෝතමාලාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙම මුදල එවා ඇත්දැයි සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

එංගලන්තයේ සිටින ‘පින්සිරි’ නැමැත්තා විහාරස්ථානය සංවර්ධනය කිරීම සඳහා මෙම මුදල එවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම මුදල් ගනුදෙනුව පිටුපස රූපවාහිනී නළුවෙකු ද සිටින බව වාර්තා විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයින් එම විහාරස්ථානයට පැමිණ ඇත්තේ කිසියම් සංවර්ධන කටයුත්තක් ක්‍රියාත්මක වී ඇත්ද යන්න සොයා බැලීම සඳහායි.

එහෙත් විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 50ක්වත් වැය කර නොමැති බව අනාවරණය විය.

උන්වහන්සේ අනුරාධපුර ප්‍රදේශයේ බැංකු ගිණුම් දෙකකින් රුපියල් ලක්ෂ 80ක රුපියල් පන්දහසේ නෝට්ටු ලබාගෙන ගම්වාසීන් අතර බෙදා හැර තිබෙනවා.

ආගමික සහජීවනයට හානි වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මවට අපහාස කිරීම යන චෝදනා මත සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මැයි 28 වැනිදායි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions