ශ්රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ.
“මැතිවරණය කල්යාම හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති අපේක්ෂක රාජ්ය සේවකයින් මුහුණ දී ඇති ගැටළුව සම්බන්ධවයි” යන ශිර්ෂය යටතේ එම ලිපිය යොමු කර ඇත.
2023 පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට නොහැකි වීම දේශපාලනමය වශයෙන් සහ ප්රජාතන්ත්රවාදයට ගරුකරන පක්ෂයක් ලෙස අනුමත නොකරන බව ද එම ලිපියෙන් අවධාරණය කර ඇත.