මැලේසියානු රජය විසින් ශ්‍රී ලංකාව සඳහා ආරක්ෂක සේවා ක්ෂේත්රයේ රැකියා 10,000 ක අමතර කෝටාවක් වෙන් කර තිබේ. ශ්‍රී ලංකාවට දැනටමත් වෙන් කර ඇති රැකියා අවස්ථා 10,000 ක කෝටාවට අමතරව මෙම නව කෝටාව වන්කර තිබේ.
මැලේසියානු කැබිනට් මණ්ඩලයට රැකියා කෝටාව 100,000 දක්වා වැඩි කිරීමේ හැකියාව ඇත.
ශ්‍රී ලංකා – මැලේසියා රජයන් අතර ගිවිසුමක් යටතේ නවතම රැකියා අවස්ථා සුරක්ෂිත කර තිබේ.
විදේශ රැකියා හරහා ලැබෙන විදේශ ප්‍රේෂණ හරහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක් සුරක්ෂිත කර ගැනීමේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තියට අනුව වාර්තාගත සංක්‍රමණික ශ්‍රමිකයන් සංඛ්‍යාවක් පිටත්කර හැරීමට රජයට සිදුවනු ඇත.