එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ප්රධාන ජන රැලි පැවැත්වීම ආරම්භ කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන් පළමු ජන රැළිය මොණරාගල නගරයේ දී හෙට දිනයේ දී පැවැත්වීමට සංවිධානය කර තිබේ.
එසේම මෙවර මැයි දිනය ද ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉහළින් සංවිධානය කිරීමට පක්ෂ නායකයන් සාකච්ඡා කර තිබේ.
රටේ පවතින දේශපාලන ස්ථාවරත්වය හා අරගලකරුවන්ගේ බෙදීයාම හේතුවෙන් මෙලෙස යළි සංවිධානය වීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණට අවස්ථාව හිමිව ඇතිබව පක්ෂයේ නායකයන් විසින් තීරණය කර තිබේ.