ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධූරයෙන් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඉවත් කිරීමට එම පක්ෂයේ විධායක සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පවසන්නේ පසුගිය සතියේ විධායක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගත් බවයි.
නව සභාපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් යෝජනා දෙකක් මේ වන විට සලකා බලමින් පවතින බවද ඔහු සඳහන් කළේය.
ඔහු කියා සිටින්නේ එම තනතුරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු පත් කළ යුතු බවට එක් යෝජනාවක සඳහන් වන අතර අනෙක් යෝජනාවේ සඳහන් වන්නේ සිවිල් සමාජයේ පිළිගත් පුද්ගලයකු පත් කළ යුතු බවයි.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවට කිහිපයක් ද පැවැත් වූ බව ඔහු වැඩිදුරටත් පවසයි.
හැකි ඉක්මනින් සභාපතිවරයකු පත් කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කරන කාරියවසම් මහතා, වෙනත් පක්ෂවලට සම්බන්ධ වූ පුද්ගලයන්ගේ පක්ෂ සාමාජිකත්වය ද අහෝසි කිරීමට ද සැලසුම් කර ඇති බව වැඩිදුරටත් සඳහන් කරයි.
එහි මංගල පියවරක් ලෙස වෙනත් පක්ෂවලින් පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට තීරණය කළ අයගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.