ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින්, කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනප්‍රිය ටෙලි සහ සිනමා නිළියකගෙන් ඉදිරියේදී ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ඒ, එම නිළිය කෝටිපතියන් කිහිප දෙනෙකු සමග පැවැත්වූ ලිංගික සංවාද කිහිපයක් රහස් පොලිසිය සතුව තිබීමයි. මෙම මුදල් වංචාවට සම්බන්ධ කාන්තාව පවත්වාගෙන යන මූල්‍ය සමාගමට මුදල් ආයෝජන කළ කෝටිපති පුද්ගලයන් මුදල් ඉල්ලා සිටින අවස්ථාවලදී ඇය ඔවුනට මෙම නිළිය සම්බන්ධ කර දී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පසුව ඇය එම කෝටිපතියන් සමග කරන ලිංගික සංවාද පටිගත කර ඇති අතර එම හඬපට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සැකකාර කාන්තාවට ලබාදීමෙන් පසු ඇය ඒවා අදාළ සංවාදයේ යෙදුණු කෝටිපතියන්ට පෙන්වා ඔවුන් බියකර ඇති බව ද හෙළි වී තිබේ.
මේ සංවාද පටිගත කිරීම වෙනුවෙන් සැකකාරියක වන මෙම චිත්‍රපට නිළියට එක්වරකට ලක්ෂ පහ බැගින් මුදලක් ද ගෙවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ප්‍රකාශ කරයි. මෙම සංවාද පට මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින අතර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට එම නිළිය රහස් පොලිසියට කැඳවීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මේ අතර, රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කරන ලද්දේ ඇය පමණක් නොව මෙයට ඈඳුණු තවත් ප්‍රසිද්ධ චිත්‍රපට නිළියන් දෙදෙනකුගේ සම්බන්ධකම් ද මේ වනවිට අනාවරණය වෙමින් පවතින බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ අධීක්ෂණය මත අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර මහතාගේ මෙහෙයවීම මත විමර්ශන සිදු කෙරේ.
උපුටනය:- මව්බිම