Home » පවුල්වාදයේ ඇත්ත නිර්වචනය – අස්පට් ෂූටිං

පවුල්වාදයේ ඇත්ත නිර්වචනය – අස්පට් ෂූටිං

by Plus One

ආයුබෝවන් මචංලා…….කොහොමද අපේ නා……මළයා මේ දවස්වල දෙන ටෝක්ස්. කොච්චර හූ කිව්වත් ගමට යන එක නවත්තන්නේ නෑ කියලා.අස්පට් ෂූටිනුත් කියන්නෙත් කොච්චර හූ කිව්වත් ගමට යන්න කියලා.

ගණනං නොගෙන ඉන්නකොට හූ කියන එකාටම ඇතිවෙලා නිකං හිටියි.හැබැයි මචං එහෙම වෙන්නෙ එතන හූ කියන්න විතරක් ලෑස්ති වෙලා ඉන්න සෙට් එකක් හිටියොත් විතරයි.

මචං දැන් ඉන්න එවුන් කියන්නේ එකම ක්‍රියා මාර්ගයේ ඉන්න ජාතියේ බඩු නෙවෙයි.සමහරු හූව තියාගන්නේ ස්ටාට් එකට විතරයි.මතකනේ අරගලේ සෙට් ඒකත් ඉස්සෙල්ලා පටන් ගත්තේ හූවෙන්නේ.

මචං නා…..මළයා ගමට එන්නෙත් හූ කියන්න හිතෙන කතා කියාගෙනනේ.දැන් නා……මළයා කියන අලුත්ම කතාව දන්නවද?මචං දැන් කියන්නේ මල් පොහොටුවේ කවදාවත් පවුල්වාදය තිබුණේ නෑ කියලා.

තනිකර තිබුනේ ප්‍රතිපත්ති ගරුක දේශපාලනේ විතරමයිලු.මාර කේෂ් යන කතා මචං ඕවා.අපේ ලප කුමාර සහෝදරයා.සජානෝ හෙම දිගටම කිව්වේ එතන තියෙන්නේ පවුල්වාදය විතරමයි කියලනේ.

නා……මළයා දිගටම කියන්නේ එහෙම එකක් තිබුණේ නෑමයි කියලා.

මෙහෙමනේ මචං අපි  කියන පවුල්වාදෙයි එයාලා කියන පවුල්වාදෙයයි එකක් නෙවෙයි දෙකක්.අපි පවුල්වාදය කියන්නේ එකම පවුලක් රට පාලනය කරනවා වගේ එකකටනේ.

ඒගොල්ලෝ පවුල්වාදය කියන්නේ එයාලගේ පවුල් අතර තියන වාදවලට. එහෙම වාදයක් ඒ පවුල් අතර නෑ කියලනේ මචං ඔය කියන්නේ.අපිනේ පටලගෙන තියෙන්නේ.

ඒ කියන්නේ එයාලගේ පවුල් කිසිම වාදයකින් තොරව එකඟතාවයෙන් කටයුතු කරනවා කියලනේ කියන්නේ.දැන් පැහැදිලිද නා….මළයා කියන්නේ බොරු නෙවෙයි කියලා.

එතන පවුල්වාදයක් නෑ තමයි.එතකොට මචං බලපං එයාලගේ පවුල් අතර වාද නැත්තේ මොනවාමටද කියලා.රටේ මහජන දේපල පවුලට ගොඩගහගන්න එයාලගේ පවුල් අතර කවදාවත් වාදයක් තිබිලා නෑ.

ඒ දවස්වල අයවැයෙන් වැඩි පංගුව පවුල අතරේ බෙදාගන්න එයාලා අතරේ කවදාවත් වාදයක් තිබ්ලා නෑ.ආයෙත් හූව කාගෙන හරි ගමට ගිහින් ජනතාවට නාස් ලණුව දාගෙන බලයට එන්න පුලුවන් නං ඒකත් කරගන්න ඒ පවුල් අතර කිසිම  වාදයක් නෑ.

මචං….අපි මේ පවුල්වාදය කියලා එකක් එතන තියනවා කියලා හිතාගෙන හිටියට එතන එහෙම එකක් තිබිලම නෑ හලෝ.

අස්පට් ෂූටිං.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions