ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කිසිදු අත්දැකීමක් හෝ දේශපාලන දැනුමක් නොමැතිව පොම්ප කළ බ්‍රොයිලර් කුකුළෙකු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවසීය.
හම්බන්තොට පැවති ජනහමුවක් අමතමින් වීරවංශ කියා සිටියේ ජනතාව දුක් විඳිද්දී නාමල් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ ක්‍රිකට් සෙල්ලම් කරන බවයි.
“එයා හරියට රනිල් වගේ. තාම මුකුත් ඉගෙන ගෙන නැහැ. මිනිස්සු තරහා වෙන එක සාධාරණයි. ඉගෙන ගන්නෙත් නෑ. අකලට හැදුණු බ්‍රොයිලර් කුකුළෙක්” ඔහු පැවසීය.
ඥාති සංග්‍රහය රටේත් රාජපක්ෂ පවුලේත් විනාශය වී ඇති බව ඔහු පැවසීය.
“පසුගිය මහ මැතිවරණයේදී යෝෂිත රාජපක්ෂ බදුල්ල දිස්ත්‍රික්කයට ඉදිරිපත් කිරීමට ඔවුන් සැලසුම් කරමින් සිටියා. එය නවත්වන්නැයි ගෝඨාභය රාජපක්ෂට කියුවේ ඩලස් අලහප්පෙරුමයි,” ඔහු පැවසීය.