“අපේ ආණ්ඩුවක් ඇතුළේ ගෞරවය සෑම ව්යවසායකයාටමත්, කර්මාන්තකරුවටත්, ආයෝජකයටත් ලැබෙනවා. එහෙත් ඩීල්කරුවන්ට ඉඩ නොදෙන බව සහතික කරනවා. මන්ත්‍රීට මළගෙදර එන්නට බැහැ. එනව ද? දැක්ක ද ඩලස් අලහප්පෙරුම එහෙම? දානේ ගෙදර එන්න බැහැ. රැස්වීමකට එන්න බැහැ. මීට පෙර ජනතාවට ඒ අය ගාවට එන්න බැහැ. දැන් ඒ අයට ජනතාව ගාවට එන්න බැහැ. කොතැන ද බලය තියෙන්නේ? ජනතාව ගාව. එහෙනම් මොකක් ද අපි හමුවේ තියෙන්නේ? මේ විසිරිලා තියෙන බලය, ගොනු වෙලා නැති බලය සංවිධානාත්මකව ඒකරාශී කරන්න ඕනේ. අරගලය විශාල ආස්වාදයක්. ජනතාවගේ විශාල නැගිටීමක් අවසන් ප්‍රතිඵලය ටිකක් භාග ප්‍රතිඵලයක්. ඒ නිසා කාටත් පොඩි අපේක්ෂා භංගත්වයක් තියෙනවා. කට්ටියට පොඩි පසුබෑමේ මනෝභාවයක් ඇති වෙලා තිබෙනවා. ඒ නිසා විශාල ජනතා නැගිටීම අවසානයේදී උපරිම ජයග්‍රහණය ජනතාව වෙත ලබාගන්න අසමත් වුණා. ඒක ඇත්ත. හැබැයි දෙවන නැගිටීම සිදුවෙන්නේ ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් සහ මෙහෙයවීම මත බව මතක තබාගන්න.”
#newsplus
අපගේ YouTube සබැඳිය
https://youtube.com/channel/
අපගේ Telegram සබැඳිය
https://t.me/ChannelPlusOne
අපගේ Whatsapp සබැඳිය
https://chat.whatsapp.com/
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.