කුඩා දරුවන් පැවිදි කිරීම සඳහා වයස් සීමාවක් හඳුන්වා දීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මහානායක හිමිවරුන් සමඟ එක්ව කටයුතු කරමින් සිටී.
දරුවන්ට දෙමාපිය රැකවරණය අහිමිවීම ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට සහ චිත්තවේගීය යහපැවැත්මට බලපෑම් ඇති කළ හැකි බැවින් එවැනි තීරණයකට තමන් සිත යොමු කළ බව අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය.
මීට අමතරව, ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ‘සම්මුතීන්’ වලට අනුකූල වීම සඳහා එවැනි වයස් සීමාවක් හඳුන්වාදීම අවශ්‍ය බව ඔහු පැවසීය.
“ සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ වයස් සීමාවක අවශ්‍යතාව සාකච්ඡා කර තිබෙනවා. 12 වයස් සීමාව ලෙස හඳුන්වා දීමට පවා එකඟ වී තිබෙනවා. අපි තවමත් වයස තීරණය කර නැහැ. එය සිදු කරනු ලබන්නේ මහනායක හිමිවරුන් විසින්” ඔහු පැවසීය.