පසුගිය රජය සමයේ, එනම් ගෝඨාභය රාජපක්ෂ සමයේ ගත් අප්‍රායෝගික ජනප්‍රය තීරණ වලට කම්මුල අතගා කනේ පහරක් ගසන ජනපති රනිල් කියා සිටින්නේ, “රටක දීර්ඝ දීර්ඝකාලීන සංවර්ධනයට පදනම වන්නේ ජනප්‍රිය තීන්දු ද නිවැරැදි තීන්දු ද කියා බැලිය යුතු බවයි.”
එසේම තවදුරටත් කියා සිටියේ, ජනතාව පුරුදු වී ඉන්නේ සහන ලබා ගැනීමටයි. ආණ්ඩු ක්‍රියා කරන්නේ දියුණු වේ මාවත හෙළි කරන්නට නොව සහන ලබා දීමටයි.” යනුවෙනි.
“ජාතික සම්පත් යනු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නොවේ.” යැයි පාර්ලිමේන්තුවේ පැවසූ රනිල් වික්‍රමසිංහ විමල් වීරවංශලාගේ කන ද නොදැනන සේ අතගාමින් සිය අයවැය කතාව ඉදිරිපත් කර සිටියේය.
විශේෂයෙන්ම “අපේ සැබෑ ජාතික සම්පත තරුණ පරපුරයි. තරුණ පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා නිසි පියවර ගෙන ඇති නම් ඔවුන් රට හැර යාමට පෝලිම් ගැසෙන්නේ ඇයි…?” පවසමින් සිය අව වැය තුළ තරුණ රැකියා අසහනයට යම් පිළිතුරක් සොයන බව ගැලරියේ රැදී සිටි ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ හා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉදිරිපට ද, රටේ සමස්ත තාරුණ්‍ය ඉදිරිපිට ද පවසමින් සිටියේය.
“මේ වන විට රාජ්‍ය ව්‍යවසායන් 420 ක් නඩත්තු කරනවා.මෙයින් බොහොමයක් පාඩු ලබනවා ඒවා තව දින දෙක තුනකින් පාර්ලිමේන්තුවේ සභාගත කරනවා” යැයි ද කියා සිටියේය.