Home » ජා – ඇලින් දුන් පණිවිඩය – රටේ රාළ

ජා – ඇලින් දුන් පණිවිඩය – රටේ රාළ

by Plus One

පහුගිය 27 වෙනිදා අනුර යාපා – නිමල් ලන්සා කණ්ඩායම තවත් ජයග්‍රාහී පියවරයක් තියලා.එයාලගේ රැස්වීම තිබ්බේ මීට කලින් මාලිමාවේ රැස්වීම තිබුණ තැනමයි.සාපේක්ෂව හිතුවොත් මාලිමාවට වඩා වැඩි හරි,ඒ හා සමාන හරි පිරිසක් එතන හිටියා.අනුර යාපා.නිමල්  ලන්සා,සුසිල් ප්‍රේමජයන්ත,නලින් ප්‍රනාන්දු වගේ කණාඩායමක් එතන හිටියා.

වේදිකාවෙන් ආපු පිරිසට සහ රටට දේශපාලන පණිවිඩ කීපයක් දුන්නා.ඒ රැස්වීම සාර්ථකව කිරීම ඇතුලේ කියන්න ඕනි දේශපාලන කතා ගොඩක් තියනවා. පහුගිය කාලේ මහ පොලොවේ දේශපාලන ආධිපත්‍ය හිමිවෙලා තිබුණේ මාලිමාවට.තවමත් ඒක එහෙම තමයි. හැබැයි දේශපාලන පොර පිටියේ කවුරුත් නැති වෙලාවක මාලිමාව වැල්ලේ හදාගෙන තිබුන මාලිගාවට සැලකිය යුතු රළ පහරක් වැදුනා වගේ දැනුනා.

සනත් නිශාන්තගේ මරණයත් එක්ක සදාචාර සීමාව ඉක්මවා යමින් ජවිපෙ සහ මාලිමා බලවේගවලින් කරපු අපහාසයන්ට මූල් මොහොතේ වටිනා කමක් තිබුණත් සනත්ගේ දරුවන්ගේ විලාපයෙන් ජවිපෙ ඒ මතය සුණුවිසුණු වෙලා ගියා.මේ ජනවාරි අවසානය කියන්නේ මාලිමාවට තිබුණ මහ පොලොවේ දේශපාලන ආධිපත්‍යය හෙලවිලා ගිය සතියක්.

ඇත්තටම ඒකට බලපෑව ප්‍රධාන කාරනා දෙක උනේ සනත් නිශාන්තගේ මරණය සහ ලන්සලාගේ ජා – ඇල රැස්වීම.ඊට අමතරව අද පැවැත්වෙන සජබ විරෝධතාවය කොච්චර දුරට බලපායිද කියලා බලමු.ලන්සලාගේ රැස්වීම යම් තරමකට ජවිපෙට අභියෝග කරන රැස්වීමක් බවට පත්වුනා.දැනට ජවිපෙ නායක අනුර කුමාරට මතවාදී තලයේ ලොකුම අභියෝගය දෙන්නේ දිලිත්.දිලිත් ඒක කරන්නේ දේශපාලන උපක්‍රමයක් විදිහට වෙන්න ඇති.

කොහොම උනත් දිලිත් අනුරට කරන විවාද අභියෝගය අනුර තවමත් බාර අරගෙන නෑ.ඇත්තටම රටේ රාළ හිතන්නේ අනුරට දිලිත් කරන අභියෝගය බාර ගන්න බෑරිකමක් නෑ.ඒ වගේම ඒක බාර ගැනීම වරදකුත් නෑ.කොහොම හරි අනුර විවාදයෙන් පලා යන බව පේනවා. ජා – ඇල රැස්වීමෙන් උනේ අනුරට තවත් සෘජු අභියෝගකරුවෙක් නිර්මාණය වීමයි.

ඒ නිමල් ලන්සා.දිලිත් අනුරට විවාදයකට අභියෝග කරද්දී ගණිකා වෘත්තිය නීතිගත කිරීම සහ ලාල් කාන්ත කියන ආලිංගන පෙරහැර කියන ඉල්ලීම් දෙක ඉල්ලා අස්කර ගන්නේ නැත්තං ජවිපෙ මූලස්ථානය වට කරනවා කියන අභියෝග ලන්සාගේ පැත්තෙන් ආවා.මෙච්චර කල් හැම එකම වටලන්න ගිය ජවිපෙ මූලස්ථානය වටකරන තැනට ජවිපෙට අභියෝගය ඇවිල්ලා.

ඒක අනුරත් එක්ක විවාද කරනවාට වඩා ලොකු අභියෝගයක්.ජා – ඇල රැලියේ ඊළඟ ප්‍රධාන අභියෝගය එල්ල වෙන්නේ රාජපක්‍ෂලාට.රාජපක්‍ෂලා දිගටම හිටියේ අනුර යාපා – ලන්සා පිල හෑල්ලු කරන තැනක.ගණන් නොගන්න තැනක.

මොකද පොහොටුවේ නිල මුද්‍රාව තියෙන්නේ තවමත් රාජපක්‍ෂලා අතේ. හැබැයි ජා – ඇල රැස්වීමෙන් පස්සේ රාජපක්‍ෂලාට ලන්සා පිල තවදුරටත් නොසලකා ඉන්න බෑ.මොකද භූමියේදී එයාලගේ පාක්ෂිකයන්ගේ වැඩිම ආකර්ෂණය දිනාගෙන තියෙන්නේ ලන්සලාගේ පෙරමුණ.ඒ වගේම රාජපක්‍ෂලාගෙන් ගැලවෙන පොහොට්ටුවේ මන්ත්‍රීවරු ඉස්සෙල්ලාම ඔළුව දාලා බලන්නේ ලන්සලාගේ පිලට.

ඒක නිසා රාජපක්‍ෂලාට එරෙහි ප්‍රභලම ප්‍රායෝගික ප්‍රහාරකයා බව දැන් පත්වෙලා තියෙන්නෙත් අනුර යාපා  – ලන්සා කණ්ඩායම.ඇත්තටම මෙතනදී යම් අභියෝගයක් රනිල්ටත් එල්ල වෙනවා.ඒ කියන්නේ පොහොටුවේ බලය කියන්නේ රාජපක්‍ෂලා නෙවෙයි කියන එක තහවුරු වෙනවා.රනිල්ට උනත් පොහොට්ටුවෙන් රාජපක්ෂලා වෙන් කරගන්නේ කොහොමද කියන අභියෝගය මෙතදී එනවා.

ඇත්තටම රනිල් කරන්න ඕනි රාජපක්‍ෂලාගෙන් පොහොට්ටුව වෙන්කරන ගැනීමම තමයි.මේ වෙලාවේ රාජපක්‍ෂලා සහ පොහොට්ටුව කලවං කර ගැනීම රනිල්ට ලොකු අවාසියක්.  ඉතිහාසයයේ රනිල් එක එක විදිහට බ්‍රෑන්ඩ් වෙලා හිටියා.බටලන්දේ වධකයා විදිහට බ්‍රෑන්ඩ් උනෙත් රනිල්.හැබැයි ඒ සියල්ලට වඩා රාජපක්‍ෂලාගේ ආරක්ෂකයා විදිහට බ්‍රෑන්ඩි වීම රනිල්ට අවාසි සහගතයි.

සමහර විට රනිල් හිතනවා ඇත්තේ රාජපක්‍ෂලාගේ ආරක්ෂකයා විදිහට බ්‍රෑන්ඩ් වීමෙන් යම් සමාජ වටිනාකමක් එනවා කියලා වෙන්න ඇති.මහින්දගේ අර්ථයෙන් හිතුවොත් ඒකේ යම් සත්‍යතාවයක් තියෙන්න පුලුවන්.හැබැයි බැසිල්.ගෝඨාභය.නාමල්,යෝෂිත, රෝහිත,ශෂි.ශිරන්තිලාගේ මට්ටමෙන් හිතද්දී රනිල්ට තියන අවාසිය වැඩියි.

ඊළඟට මේ රැස්වීමේදී දැවැන්තම බලපෑමක් වෙලා තියෙන්නේ ශ්‍රිලනිපය, චන්ද්‍රිකා සහ ලන්සලා පිහිටුවන්න යන නව සන්ධානයට.නිල වශයෙන් තවම ඒ සන්ධානය හැදිලා නැතත් ඒක හුදු සංකල්පයක් විතරයක් නෙවෙයි මහ පොලොවේ යථාර්ථයක් කරන්න පුළුවන් වැඩපිලිවෙලක් බව දැන් ඔප්පු වෙලා ඉවරයි.

කාටවත් පිලිනොගෙන ඉන්න බැරි බලයක් එයාලට මහ පොලොවේ තියනවා. ඇත්තටම මේ සන්ධානයට තවත් අලුත් මුහුණු ටිකක් එකතු කරන්න පුළුවන් නං හොඳයි.ඒත් ඒක ලේසි වැඩක් නෙවෙයි. මොකද අපේ රටේ දේශපාලනයට මෑත කාලීනව අලුත් මුහුණු ගෙනාවේ ගෝල්ෆේස් අරගලයෙන්.ඒත් ඒ අරගලකරුවන් කියෙන් කීදෙනෙක් තමන්ගේ දේශපාලන සුජාතභාවය රැකගත්තාද කියන ප්‍රශ්නය තියනවා.

ඒක නිසා මේ මැතිවරණ සන්ධිස්ථානයේදී අලුත් මුහුණු ආදේශ කිරීමත් ප්‍රශ්නයක් තමයි.ඒකට උපරිම උත්සාහයක් දරන්න ඕනි.අලුත් මුහුණ ක්ෂණිකව ගේන්න බැරිනම්.ඒකට උත්තරය විදිහට රටේ රාළ යෝජනා කරන්නේ පරණ මුහුණු එකතු වෙලා අලූත් ගමනක් යන්න පටන් ගන්න ඕනි.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions