Home » ජවිපෙ දේශපාලන මළඟම මාලිමාව විසින් සටහන් තබාවි – රටේ රාළ

ජවිපෙ දේශපාලන මළඟම මාලිමාව විසින් සටහන් තබාවි – රටේ රාළ

by Plus One

පහුගිය දවසක ලෙනින් සමරුවකට සහභාගිවෙමින් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා හරි අපූරු කතාවක් කරලා තිබුණා.ඇත්තටම ජවිපෙ හිටපු න්‍යායාචාර්යවරයා එතනදී කරලා තිබණේ තමන්ගේ ඓයිතිහාසික මඟ පෙන්වන්නා වූ වී.අයි ලෙනින් සහෝදරයා තවත් සැරයක් ඝාතනය කිරීමයි.

ඒ දේශනයේදී ටිල්වින් කියලා තිබුණේ අද ලෝකයේ ප්‍රබල සමාජවාදී කදවුරක් නෑ, ඉතිරි වෙලා තියන සමාජවාදී රටවල් දෙක තුන සමාජවාදය සම්බන්ධ ලෝකයට කිසිම අධ්‍යාත්මික බලපෑමක් කරන්නේ නෑ කියලයි.ඒක හින්දා සමජවාදය අත්හැරීම කියන තැනට  ටිල්වින්ලත් ඇවිල්ලා.

ඇත්තටම රටක සමාජවාදය නිර්මාණය කරන්න විප්ලවාදී ව්‍යාපාරයයක් ගොඩනැගෙන්නේ ලෝකයේ සමාජවාදී රාජ්‍යයන් කීයක් තියනවද කියලා බලලා නෙවෙයි.ඒවයින් ලෝකයට සපයන සමාජවාදී අධ්‍යාත්මය හින්දා නං නෙවෙයි. සාමජවාදය සම්බන්ධව මාක්ස් ලෙනින්වාදී දෘෂ්ටිමය මඟ පෙන්වීම හින්දයි.

හැබැයි ජවිපෙ හිටපු න්‍යායාචාර්යතුමාට සමාජවාදය ඕනි වෙන්නේ ලෝකේ බලගතු සමාජවාදී රාජයන් තියනවා නං සහ ඒවායින් සමාජවාදී අධ්‍යාත්මයට බලපෑමක් කරනවා නං විතරයි.එතනදී ටිල්වින් කිව්වේ මතුවෙන තත්වයන්ට අනුව උපක්‍රම මාරු කරමින් ඉස්සරහට යන්න ඕනි කියලයි.ඒ යද්දී සමහරවිට එයාලා හදපු පළවෙනි වැඩපිලිවෙල පැත්තට විසි කරලා අලුත් වැඩපිලිවෙලක් එක්ක ඉස්සරහට යන්න වෙන්නත් පුළුවන් කියලයි.

ඇත්තටම තත්වයන්ට අනුව උපක්‍රම මාරු කරන්න ඕනි කියන එක රටේ රාළත් පිලිගන්නවා.ඒක වඩාත්ම හොදින් සහ වේගයෙන් කළේ ලෙනින් තමයි.හැබැයි තත්වයන්ට ගැලපෙන විදිහට උපක්‍රම තේරීමේදී ලෙනිනින් කවදාවත් තමන්ගේ අරමුණ වෙනස් කරගත්තේ නෑ.සමාජ පරිවර්තනය කියන අරමුණෙන් ලෙනින් පිට පැන්නේ නෑ.

හැබැයි ටිල්වින් කියන විදිහට එයාලා උපක්‍රම මාරු කරනවාත් එක්කම තමන්ගේ අරමුණත් වෙනස් කරගෙන. සමාජවාදය අතෑරියා කියන එක පැත්තකින් තියන්නකෝ.හැබැයි ටිල්වින්ලා සමාජ පරිවර්තනය කියන අරමුණත් වෙනස් කරලා.ඒක සම්පූර්ණයෙන්ම හරිනිගේ වර්තමාන භූමිකාවෙන් නිරූපනය වෙනවා.රටේ රාළ අහන්නේ ජවිපෙ උපක්‍රම මාරු කරමින් යන්නේ මොන අරමුණකටද කියලයි.

ඇත්තටම ජවිපෙ උපක්‍රම මාරුකරමින් යන්නේ බලය ගැනීම වෙනුවෙන් විතරයි. බලය ගත්තට පස්සේ කරන වැඩේ සම්බන්ධව ජවිපෙට අදහසක් නෑ.බලය ගත්තට පස්සේ ලාල් කාන්ත කියන විදිහට මර්ධනය තියනවා.හැබැයි බලය ගත්තම කරන ආර්ථික,සමාජ,දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධව වැඩපිලිවෙලක් ජවිපෙට නෑ.

ජවිපෙ න්‍යායාචාර්ය ධූරය ටිල්වින්ගෙන් හරිනී අමරසූරියට මාරු උනාට පස්සේ හරිනි රනිල් කරන ලිබරල් ප්‍රතිසංස්කරණ අනුමත කරමින් කතා කරනවා.හරිනිත් දැන් හරියට සජබේ හර්ෂද සිල්වා වගේයි. හරිනි තමයි ගණිකා වෘත්තිය නීතිගත කරන කතාව ජවිපෙ පැත්තෙන් පටන් ගත්තේ.13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන්න ඕනි කියලා කිව්වෙත් හරිනි.

ඒ වගේම දැන් හරිනි කියන්නේ එයාලත් IMF යනවා.එයාලත් ණය ගන්නවා.ණය ගැනීමේ වැ‍රැද්දක් නෑ.ණය අරන් කරනදේ තමයි වැදගත් කියලා.ඊළඟට ජනතාවගෙන් බඳු එකතු කරන්න ඕනි කියන එක හරිනිත් පිලි අරන්.ඒ කියන්නේ රනිල් කරන ලිබරල් ප්‍රතිසංස්කරණ හරිනිත් අනුමත කරනවා කියලයි.හරිනි කියන්නේ මේ සිස්ටම් එක වෙනස් කිරීමක් ගැන නෙවෙයි.

මේ තියන එකම වඩාත් යහපත්ව ගෙනියන්න ඕනි වගේ කතාවක්. උදාහරණයක් ගත්තොත් ණය අරන් හොරකම් නොකර යන්න ඕනි කියන කතාව හරිනිගෙන් එනවා.එතකොට රනිල් කරන දේ අනුමත කරන හරිනි කියන්නේ ඒක යහපත් විදිහට කරන්න ඕනි කියලා.ඉතින් ඒක නං උත්තරය ඒක වඩාත්ම හොදින් කරන්න පුළුවන් අර්ධ ලිබරල්,අර්ධ වැඩවසම් හරිනිලාටද එහෙමත් නැත්තං ලිබරල් රනිල්ටද කියන ප්‍රශ්නය එනවා.

දැන් ඇත්තටම බලනකොට සමස්ථ ජවිපෙ කරන්නේ මාලිමාව කියලා එකක් අටවගෙන රනිල්ට කඩේ යන එකයි. රනිල්ගේ වැඩපිලිවෙලට කඩේ යන එකයි.එහෙම නැතිව විප්ලවීය වැඩපිලිවෙලක් ජවිපෙට නෑ.ජවිපෙ උපක්‍රම මාරු කිරීම කියන කාරනයේදී කරලා තියෙන්නේ එක වෙලාවක ටිල්වින් ජවිපෙ පසුතලය යටතේ කතා කිරීම සහ තවත් වෙලාවකදී ඒ ටිල්වින්ම මාලිමාවේ පසුතලය යටතේ කතා කරන එකයි.

අනුර,හරිනි ඇතුළු අනිත් අයත් එහෙමයි. ජවිපෙ කරලා තියන එක උපක්‍රම වෙනසක් තමයි ජවිපෙට සමාන්තර තවත් පක්ෂයක් ගොඩනැගීම.එක්තරා නිශ්චිත අවස්ථාවක් වෙනුවෙන් පාව්චිචි කරපූ මාලිමාව කියන උපක්‍රමය අද ජවිපෙ කරේ තියාගෙන යනවා.ජවිපෙ ව්‍යවස්ථාවේ කොතැනකවත් සමාන්තර පක්ෂ දෙකක් හදන කතාවක් නෑ.

බහුජන දේශපාලන ක්‍රියාවලිය පවත්වාගත යන්න වෙනම පක්ෂයක් හදනවා කියන උපක්‍රම ඇත්තටම විකෘති සහගතයි.ඒක නිසා උපක්‍රම මාරු කරපු ඉතිහාසය ඇතුලේ ටිල්වින්ලා හැමදාම කළේ වරද්දා ගැනීමයි.ඒක ජවිපෙ ඉතිහාසයෙත් සිද්ධ උන නිවැරදි කරන්න බැරි වැ‍රැද්දක්.එදා පරිවාස ආණ්ඩුවෙන් පටන් අරගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය දක්වා ඇවිත් ජවිපෙට රාජ්‍ය බලයේ පංගුවක් නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා.

ජවිපෙ කළේ ඒ practice එක නොකර ඒ බහුජන දේශපාලනයෙන් පැනලා යන එකයි.ඒකට එදා පක්ෂය ඇතුලේ කුමන්ත්‍රණ කළේ ටිල්වින්,අනුර දිසානායක ඇතුළු කණ්ඩායමක්.ජවිපෙ එදා වරද්දා ගැනීම විසින් ජවිපෙ දේශපාලන වශයෙන් ඝාතනය වුනා.3% ක් දක්වා කඩා වැටෙන්න සිද්ධ වුනා.

අද ජවිපෙ උපක්‍රම වෙලා තියෙන්නේ මලිමාව හරහා බලයට ඒමයි.ඒ වෙනුවෙන් සුදානම් කරපු බලවේගයක් මාලිමාවට නෑ.ඒ වෙනුවෙන් සුදානමින් හිටපු ජවිපෙ බලවේගයත් දැන් ජවිපෙ දාලා ගිහින්.මේ බලවේගයත් එක්ක බලය ගැනීම කියන්නේ හරියට ගෝඨාභය බලය ගත්තා වගේ වැඩක්.ඉතා කෙටි කාලයක් ඇතුලේ ජවිපෙ සහ මාලිමාව එරෙහිව ජනතාවට නැගිටිනවා.

ඒ නැගිටින්නේ පුද්ගලයෙකුටම විරුද්ධව නෙවෙයි සමස්ථ ජවිපෙටම විරැද්ධව. ඇත්තටම ජවිපෙ ජනතාව අතින් අවසන් ගමන් යෑමේ අනතුර වේගවත්වෙමින් තියනවා.මාලිමාව විසින් ජවිපෙ දේශපාලන මළගම සුදානම් කරමින් ඉන්නවා.ඊට කලින් මාලිමාවේ පැවැත්ම අහෝසි කළ යුතුමයි.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions