අයුබොවන් සහෝලා……චමින්ද විජය ශ්‍රී යන්නම ගියානේ.ඇයි අප්පා…කවුන්සිලේ අච්චර චමින්දලා ඉන්දැද්දී මේ චමින්ද යන්න තීරණය කළේ. කවුන්සිල ඉතිහාසේ දරුවන් වෙනුවෙන් ඔහොම පරිත්‍යාගයක් කරපු පියෙක් තවත් නැතිව ඇති.දරු පෙම වෙනුවෙන් Council member ship එක පරිත්‍යාග කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි.ළමයා මොන්ටිසෝරි එක්ක යන්න මොන පියාද අප්පා මරණාධාර සමිතියකින්වත් ඉල්ලා අස්වෙලා තියෙන්නේ.
ජනතා සාපය දරුවන්ට වදී කියලනේ මේ තාත්තා බය වෙලා තියෙන්නේ.225 ට කරන සාපය ඉවසන්න බෑලු.ඇයි දන්නේ නෑ ඉතින් අරගලය දවස්වල අයින් උනේ නැත්තේ.ඒ දවස්වලනේ 225 ම එපා කියලා ජනතාව පාරට ආවේ.එක Council member කෙනක් දිවි පුදලා තව එක්කෙනෙක් අම්බානක කෑවා.ඇයි අප්පා එදා ඔය අවංක සිතුවිල්ල මතු උනේ නැත්තේ,
අනික ඉතින් ඔව්චර හොඳ නායකයෙක් දාලා තමන් විතරක් ජනතා සාපයෙන් බේරිලා යන එක හරිද?එයා මෙයාට පියෙක් වගේ කියලානේ කිව්වේ.මේ පියා තමන්ගේ දරුවෝ වෙනුවෙන් ඒ පිය හැර පියා යන එක හරිද?
නැත්තං කවුරු හරි ඔය පාටියට කොඩිවිනයක්වත් කරලාද අප්පා.ඒ පාටියේ අයටමනේ ඔහොම ඒවා හිතෙන්නේ.ඒක්කෙන් ඔය conncil member ship එක වඩා නගර සභාව හොඳයි කියලා ඉල්ලා අස්වෙලා ඇණ ගත්තා.දැන් නහයෙන් අඩ අඩා ඉන්නවා.ගමේ ගොඩේ ප්‍රාදේශීය සභාවක සේවය කරන්න නං ඔහොම ඉල්ලා අස්වෙයිද අප්පා.
ලයිස්තුවේ ඊළඟට ඉන්න ආර්යාවගේ ඥාතියා ගේන්න අයින් වුනා කියන එක පැත්තකින් තියමුකෝ.ඒ වෙනුවෙන් ලොකු ගත මනාවක් ගත්තා කියන කතාවත් පැත්තකින් තියමුකෝ.පවුල පිටින් රට යන්න හදනවා කියන එකත් පැත්තකින් තියමුකෝ. ඊළඟට දිනන්න බෑ කියලා හිතුනා කියන එකත් අමතක කරමුකෝ.
අස්පට් ෂුටිං..නං මෙතන බලන්නේ පියෙක් විදිහට කරපු උදාර පරිත්‍යාගය ගැනයි.ඒක සමස්ථ පිය පරපුරටම ආදර්ශයක්.අර සිංදුවකුත් තියෙන්නේ සහෝ “පිය සෙනෙහස කව් ගී ලියවුනා මදියි ” කියලා.මදී කියන්නේ සෑහෙන්න මදී කියලා හිතෙන්නේ මෙහෙම පරිත්‍යාග දකිනකොටනේ අප්පා.
මේක ඉතිහාසේ රන් අකුරෙන් ලියන්න ඕනි වැඩක්. කාවන්තිස්ස දුටුගැමුණු වෙනුවෙන් ඔහොම දෙයක් කරලා නෑ.දුටුගැමුණු සාලිය වෙනුවෙන් ඔහොම දෙයක් කරලත් නෑ.ඊටත් ඉස්සෙල්ලා විජය තමන්ගේ දරුවන් සැලකුවේ කොහොමද කියලා ඔයාලා දන්නවනේ සහෝ.ඒත් ඉතින් ඉතිහාසය ලියන වැඩේ අපිට කරන්න බෑනේ.
අනාගත පරපුරට මේ ගැන ඉගෙන ගන්නත් එක්ක චමින්ද විජය ශ්‍රී ගැන අපේ පෙල පොත්වලට ඇතුල් කලොත් මොකද?දැනට පුළුවන් නං බදුල්ල පැත්තේ ප්‍රධාන හන්දියක මෑන්ගේ පිළිරුවක් හදන්න බලමු.එහෙමත් බැරි නං අඩුම ගානේ ඔයාලගේ ගමට යන පාර හරි චමින්ද විජය ශ්‍රී මාවත කියලා නම් කරමු.
අස්පට් ෂූටිං.