ගත වූ මාස 10 තුළ සමාජ මාධ්‍ය අවභාවිත කිරීමේ සිද්ධි 12,000ක් වාර්තා වී ඇතැයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පැවසුවේ ය.
ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර සංසදයට මෙම සිද්ධි වාර්තා වී ඇතැයි ද කනක හේරත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන් සහ ළමයින් හිංසනයට පත්කිරීමේ සිදුවීම් වාර්තා වී ඇති අතර මෙවැනි සිද්ධි පිළිබඳව මවුපියන් හා තොරතුරු තාක්ෂණ අංශයේ ගුරුවරුන් ද වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
මෙරට ආර්ථීකය නගා සිටුවීමට තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය උපයෝගි කර ගැනීමට ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරන බව ද කනක හේරත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
ජාතික තරුණ සේවා සභාවේ බටන්ගල පුහුණු මධ්‍යස්ථානයේදී තරුණ තරුණියන් 200ක් සඳහා තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් හා කාර්මික ක්ෂේත්රයේ පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට නියමිත බව ද කනක හේරත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඊයේ (දෙසැ. 1) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.