Home » කොහොමද ” ලප ” T මොලේ – අස්පට් ෂූටිං

කොහොමද ” ලප ” T මොලේ – අස්පට් ෂූටිං

by Plus One

ආයුබෝවන් මචංලා…….ඊයෙත් DJ කාරයා ආයෙත් අපේ ලප කුමාර සහෝදරයට අභියෝග කළානේ මචං.මේකා විවාදෙටම තමයි කතා කරන්නේ.මේක මචං දැන් මල ඇණයක් වේලානේ.ලැජ්ජාවක් කියලා එකක් තියනවා නං අභියෝගය බාරගනින් කියනවා.ඒක්කෝ මචං ඩීජේට ලැජ්ජාවක් තියෙන්න ඕනි අභියෝග බාරගන්නේ නැති එකෙක්ට අභියෝග නොකර ඉන්න.

නැත්තං බං ලපයට ලැජ්ජාවක් තියෙන්න ඕනි වැඩේ බාර අරගෙන කොම්බුව දෙකෙන්,තුනෙන් ඉවර කරලා දාන්න.අස්පට් ෂූටිං නං කියන්නේ ලපයට ලැජ්ජාවක් කියලා එකක් තියන හින්දා තමයි බං විවාදෙට එන්නේ නැත්තේ.නැතිව ලපයට ඩීජේ එක්ක වාද කරන්න බැරිකමට හෙම නෙවෙයි.

මචං….ඩීජේට තව ඒ වගේ එවුන් දහයක් එක්ක එන්න කියහංකෝ,ඒත් අපේ ලපයා දිනනවා. බලපංකෝ කවුන්සිලේ 222 ක් එක්ක තනියෙන් ලපයා දෙන ෆයිට් එක.

මචං ප්‍රශ්නේ තියෙන්නෙත් ඔතනනේ.

එච්චර හැකියාව තියන එකා ඇයි බං මේ ලපයි සිපයිලට බය වෙන්නේ.

මචං මතකද නන්දෙගෙ කාලේ ලපයට සේනාපතියා වාදෙකට කතා කළා.ලපයා බෑ කිව්වා.වැඩිය ඕනි නෑ බං පරාජිතයගේ පුතා වතුරයටත් මේකා බෑ කිව්වනේ.පහුගිය කාලේ තව කොල්ලෝ,බල්ලෝ කීදෙනෙක් නං කතා කලාද?ලපයා නෙවෙයි ගානකටවත් ගත්තේ.

ලපයා එන්නේ නැති බව හරියටම දැනගෙන තමයි බං ඔය ඩීජේකාරයා කතා කරන්නේ.ඩීජේත් මචං මාකටිංනේ.ලපයා අහුවෙයි ඕවට.

ලපයා යන්නේ තනියෙන් බැටි කරන්න තියන මැච්වලට විතරයි.ගිහින් පාලු ගෙයි වලං බිදලා එනවා.එතකොට ලපයට ඕනි කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්.හැබැයි මචං උත්තර දෙන්න එකෙක් නෑනේ.ඒක තමයි ලපයගේ කන්ෂෙප්ට් එක.

” ලපයාට වාදෙට කතා කරන ඕනි එකෙකුට ලපයා කියන්නේ උන් ලපයා එක්ක විවාද කරන්න qualified නෑ කියලා.Qualified නැති එකෙක් පක්ෂෙන් එවන්නං ” කියලා.

ලපයා හදන්න හදන්නේ ලපයා එක්ක වාද කරන්න සුදුසු එකෙක් මෙසිරිලක නෑ කියලනේ.මචං ඔතන ඇත්ත කතාව අස්පට් ෂූටිං කියන්නද?උඹලා පිලිගන්නවා නං පිලිගනිල්ලා,නැත්තං නිකා හිටපල්ලා.

අපේ ලපයා රටට පෙන්නන්නේ ලපයා මාර සුද්ධ චරිතයක් කියලනේ.ඕවට ගිහින් පැටලුනහම ලපයගේ කැරට්ටුවත් එලියට එනවනේ.ඊට මීට වැඩිය හොඳයි මගාරිනවා.

ලපයා දන්නවා වාද විවාදවලට ගිහින් දිනනවාට වඩා සුදු රෙද්දෙන් වහගෙන ඉන්න ඇත්ත ලපයව දැක්කොත් වෙන විනාශය කවදාවත් හදන්න බෑ කියලා.ඊට මීට වඩා පාලු ගෙයි වලං බිදින එක කොච්චර විප්ලවාදීද මචං.

අස්පට් ෂූටිං.

 
Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions