Home » එළවළු මිල අඩුවෙලා නෑ, ආනයනික බීජ මිල ඉතා ඉහළයි – සමන්ත විද්‍යාරත්න

එළවළු මිල අඩුවෙලා නෑ, ආනයනික බීජ මිල ඉතා ඉහළයි – සමන්ත විද්‍යාරත්න

by Plus One

වර්ෂාපතනය පහව ගොස් ඇතත් එළවළු මිල පහත වැටීමක් සිදු නොවන බව ජාතික ජන බලවේගය විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

උඩරට එළවළු වලින් වැඩි ප්‍රතිශතයක් බදුල්ල දිස්ත්‍රික්කයේ නිෂ්පාදනය කරන බවත් ,මේ වන විට එම නිෂ්පාදනයන් විශාල ලෙස බිඳ වැටී ඇති බවත්,අධික වර්ෂාපතනයද මීට බලපාන නමුත් ආනයනික බීජ වල මිල ඉතා ඉහළ මට්ටමක පවතින නිසා වර්ෂාව නැවතුනත් ගැටළුව විසඳෙන්නේ නැති බවද ප්‍රකාශ කරන ලදී.

ඊට හේතුව ලෙස දැනට පනවා ඇති වැට් බද්ද හේතුවෙන් ආනයනය කරන දෙමුහුන් බීජවල මිල ඉතා අධික වීමත්, ප්‍රමිතියෙන් තොර අඩුමුදලට පොහොර තෙල් භාවිතා කරන අතර ඒ හේතුවෙන්ද අස්වැන්න පහත වැටීමක් සිදුවන බවත් ඇතුළු කාරණා කිහිපයක් හෙතෙම පෙන්වා දෙයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions