Home » උගන්ඩාවෙනුත් ආධාරයක් – අස්පට් ෂූටිං

උගන්ඩාවෙනුත් ආධාරයක් – අස්පට් ෂූටිං

by Plus One

ආයුබෝවන් මචංලා……කොහොමද ජීවිතේ.මචං හාමුගේ ටුවර් එකේ වැදගත්කම කොටස පටන් ගන්නලු හදන්නේ නේද?හාමු ස්විස්වලින් උගන්ඩාවට එනවලු.

හාමුගේ ටුවර් එක ගැන ලප කුමාර සහෝදරයට නං මළ පැනලා.ලපයා කියන කතාවත් ඇත්තනේ මචං.මේ මාස දාහතරට හාමු දාහතර වතාවක් රට ගිහිල්ලා.ලපයා අහන්නේ මේ වගේ සල්ලි නාස්ති කරන හාමුලා මොකටද කියලා.

හැබැයි මචං පහුගිය මාස 14 ට ලපයත් දෙපාරක් රට ගියා.සුදුහදුන් සහෝදරයත් කොරියා ගියා. බිම්මල් සහෝදරයත් ස්විස්වලට family ට්‍රිප් එකක් ගියා.යටත් විජිත සහෝදරයත් ගියා.ඒ ටික එකතු කළත් මචං රටවල් හත අටක් එනවා.

මචං මෙතන මෙහෙම එකකුත් තියනවා.හාමු රට ගිහින් කොහෙන් හරි ඩොලර් ටිකක් අරන් එනවනේ.ණයක් හරි ගනාවා.IMF කාරයට වැදලා හරි හාමුවා දෙවෙනි වාරිකයත් අරන්නේ.

ලපයා ගිහින් USA ගියා.ඊට ඉස්සෙල්ලා ඕස්ට්‍රේලියා ගියා.ඒවගේ ඉන්න අපේ මොල් වහන්සේලාගෙන් ලපයා ඩොලර් මිටි ගණන් එකතු කරගත්තා.ඒවා ලපයගේ එකවුන්ට් එකට ගියා මිසක් රටේ යහපතට තඹ ශතයක් දුන්නේ නෑනේ.

මචං සුදු හදුන් ගිහින් එකතු කරගත්ත ඒවා සුදුහදුනට.යටත් විජිතයා ගත්ත ඒවා මිනිහට. බ්ම්මල් ගත්ත ඒවා බිම්මල්ට.අඩුම ගානේ පක්ෂ එකවුන්ට් එකටවත් දාලා නෑනේ.දැන් කටිටිය කරන්නේ තම තම හැකි පමණින් එකතු කරගැනීම.

ඒක නෙවෙයි මචං…හාමු උගන්ඩා ගමන නං ටොපට තියෙයි.හාමු ගිය අනිත් හැම රටක්ම අපි බංකොලොත් කියලා ගණන් ගන්නේ නෑ.හාමුත් ඒ රටවලට ගිහින් අපේ අමාරුව කියලා කීයක් හරි හිගාකාගෙන එන එකනේ කරන්නේ.

හැබැයි මචං උගන්ඩාකාරයෝ අපි දුප්පත් කියලා කීයටවත් පිලිගන්නේ.අපි බංකොලොත් කිව්වහම උන් හිනා වෙනවා.උන් හිතන්නේ අපි උන්ට ජොක් කරනවා කියලා.ඇයි බං උගන්ඩාවේ ලොකුම ආයෝජන කරලා තියෙන්නේ අපේ උන්නේ.

අර ඒ දවස්වල කියපු බිලියන දහ අටෙන් වැඩි කොටහා දාලා තියෙන්නේ උගන්ඩා ආයෝජනවලටනේ.ඉතින් මචං උන් පිලිගනීද අපි හිඟන්නෝ කියලා

ඒ සල්ලි කොහෙන්ද,මොනවාද කරලද ගෙනාවේ කියලා උන් හොයන්නේ නෑනේ.හැබැයි උන් දන්නවා නං ඒ සල්ලි මෙහෙන් හොරකම් කරපුවා කියලා, ඒකෙන් මේ රට බංකොලොත් උනා කියලා. සමහරවිට හාමු අතේ කීයක් හරි ආපහු එවන්නත් බැරි නෑ.මචං හාමු ගියෙත් උගන්ඩලාට ඇත්තම කතාව කියලා කීයක් හරි ඉල්ලගෙන එන්නද දන්නෑ.

අස්පට් ෂූටිං.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions