ජාතික ජන බලවේගය විසින් අද කොළඹදී පැවැත්වීමට සූදානම් කර ඇති විරෝධතා පෙළපාලියට කොළඹ නගරයේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වලක්වාලමින් කොටුව මහෙස්ත්රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පුද්ගලයින් 26 දෙනෙකු නම් කරමින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර නියෝගය නිකුත් කර ඇත්තේ පොලීසිය විසින් කළ ඉල්ලීමකට අනුවයි.
මේ අනුව ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්යංශය, ගාලු මුවදොර වෙත යන මාර්ග වලට ඇතුළුවීමට විරෝධතාකරුවන්ට තහනම් කර තිබෙනවා.
ඒකාධිපති රජයේ වැඩපිළිවෙල පරාජය කිරීමට ජනතාවත් සමඟ ඒකාබද්ධ “කොළඹ විරෝධය” අද දිනයේ සිදු කරන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ඊයේ (26) පවසා තිබුණා.