කුරුඳුවත්ත පොලිසිය ඊයේ (28) අධිකරණයට දන්වා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පසුගියදා පැවැත්වූ විරෝධතාවයේදී නිසි බලධාරියෙකුගේ අවසරයකින් තොරව ශබ්ද විකාශන යන්ත්ර භාවිත කර ඇති බවයි.
අධිකරණ නියෝග කඩකරමින් සහ අනවසරයෙන් ශබ්ද විකාශන යන්ත්ර භාවිත කරමින් පසුගිය 26 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ කොළඹදී පැවැත්වූ විරෝධතාව සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතා අධිකරණයට කරුණු වාර්තා කළ අතර ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් වන වසන්ත සමරසිංහ, ලාල්කාන්ත, ටිල්වින් සිල්වා ඇතුළු පිරිසක් මෙලෙස
අධිකරණ නියෝග කඩකරමින් පෙළපාලි පැවැත්වූ බවයි.